දේශීය

අදත් දිවයිනේ ප්‍රදේශ කිහිපයකටම වැසි

(UTV | කොළඹ) – දිවයින ආසන්නයේ පවතින අඩු පීඩන කලාපය, අසන්න වශයෙන් බස්නාහිර දෙසට ගමන් කර, ශ්‍රී ලංකාවේ නැගැනහිර වෙරළ දෙසට ගමන් කිරීමට ඉඩ ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

මෙම පද්ධතියේ බලැපෑම හේතුවෙන්, දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි වැඩි වීමක් අපේක්ෂා කළ හැකි බවට යි එම නිවේදනයේ දැක්වෙන්නේ.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල, විශේෂයෙන් සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.

ඇතැම් ස්ථානවලට මි.මී 100ට වැඩි වැසි ඇති වෙනු ඇති.

ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් හා අකුණු මඟින් සිදු වෙන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

Related posts

නිශ්චිත පත්‍රිකාවක් හෝ ලියවිල්ලක් නොමැතිව, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ විවාදය පවත්වන්න බැහැ – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

Editor O

දකුණු පළාත් රෝහල්වල කණිෂ්ඨ කාර්යය මණ්ඩලය වැඩ වර්ජනයක

Mohamed Dilsad

ජනපතිගෙන් සමාව ඉල්ලන ලිපියට රන්ජන් අත්සන් කරයි

Mohamed Dilsad

Leave a Comment