දේශීය

යුගදනවි බලාගාර ගිවිසුමට එරෙහිව සමඟි ජන බලවේගයෙන් පෙත්සමක්

(UTV | කොළඹ) – කෙරවලපිටිය යුගදනවි තාප බලාගාරයේ 40%ක කොටස් ඇමරිකාවේ නිව්ෆෝට්‍රස් එනර්ජි සමාගමට පවරාදීම බලරහිත කරන්නැයි ඉල්ලා සමඟි ජන බලවේගය ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් අද ගොනු කළා.

එම පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර විසින් මෙම පෙත්සම ගොනු කර ඇති අතර, එහි වගඋත්තරකරුවන් ලෙස අග්‍රාමාත්‍යවරයා ඇතුළු අමාත්‍ය මණ්ඩලය මෙන්ම ඇමරිකාවේ නිව්ෆෝට්‍රස් එනර්ජි සමාගම ඇතුළු 54 දෙනෙකු නම් කර තිබෙනවා.

පෙත්සම විභාගයට ගෙන අවසන් වන තුරු යුගදනවි තාප විදුලි බලාගාරය ඇමරිකාවට පවරාදීමේ ගිවිසුම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ද පෙත්සමේ සඳහන්.

Related posts

විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු අඩු නොකිරීමේ තීරණයට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය.

Editor O

නිවසක් තුළ පුද්ගලයෙක් පිළිස්සී මරුට

Mohamed Dilsad

චීනයෙන් තවත් සහල් තොගයක්

Mohamed Dilsad

Leave a Comment