විදෙස්

රටවල් 33 ක පුරවැසියන්ට ලබන 08 දා සිට ඇමෙරිකා දේශ සීමා ඇරේ

(UTV |  ඇමෙරිකාව) – රටවල් 33 ක සිට පැමිණෙන පූර්ණ එන්නත්කරණයට ලක්වූ සංචාරකයන්ට ලබන 08 වනදා සිට සිය දේශ සීමා විවෘත කිරීමට ඇමෙරිකාව තීරණය කර තිබෙනවා.

ගුවන් ගමනට පැය 72 ක ට පෙර ලබාගත් සෘණාත්මක පී සී ආර් පරීක්ෂණ වාර්තාවක්ද ඔවුන් ඉදිරිපත් කල යුතුයි.

මේ අනුව පසුගිය වසරේ මුල භාගයේ සිට පැවති ඇමෙරිකාවේ දැඩි දේශ සීමා නීතී ලිහිල් වනු ඇති.

ගතවූ දින 14 තුළ මහා බ්‍රිතානයේ – චීනය – ඉන්දියාව – දකුණු අප්‍රිකාව – ඉරානය – බ්‍රසිලය ඇතුලු රටවල් කිහිපයක සිට ඇති අමෙරිකා පුරවැසියන් නොවන පුද්ගලයකන්ට ඇමෙරිකාවට ඇතුලුවීමට අවසර හිමිවන්නේ නැහැ.

ඇමෙරිකාවේ නව තීරණය සම්බන්ධයෙන් ගුවන් සමාගම් රැසක් ප්‍රසාදය පළ කර තිබෙනවා.

Related posts

ග්‍රීන් කාඩ් අත්හිටුවීමේ නියෝගයට ට්‍රම්ප් අත්සන් තබයි

Mohamed Dilsad

ඉරාන පාසල් සිසුවියන්ට විෂ දුම් ප්‍රහාරයක්

Mohamed Dilsad

ඉන්දියානු ගුවන් යානා සඳහා පාකිස්තාන ගුවන් කලාප තහනම මසකින් දීර්ඝ කරයි.

Editor O

Leave a Comment