විදෙස්

රටවල් 33 ක පුරවැසියන්ට ලබන 08 දා සිට ඇමෙරිකා දේශ සීමා ඇරේ

(UTV |  ඇමෙරිකාව) – රටවල් 33 ක සිට පැමිණෙන පූර්ණ එන්නත්කරණයට ලක්වූ සංචාරකයන්ට ලබන 08 වනදා සිට සිය දේශ සීමා විවෘත කිරීමට ඇමෙරිකාව තීරණය කර තිබෙනවා.

ගුවන් ගමනට පැය 72 ක ට පෙර ලබාගත් සෘණාත්මක පී සී ආර් පරීක්ෂණ වාර්තාවක්ද ඔවුන් ඉදිරිපත් කල යුතුයි.

මේ අනුව පසුගිය වසරේ මුල භාගයේ සිට පැවති ඇමෙරිකාවේ දැඩි දේශ සීමා නීතී ලිහිල් වනු ඇති.

ගතවූ දින 14 තුළ මහා බ්‍රිතානයේ – චීනය – ඉන්දියාව – දකුණු අප්‍රිකාව – ඉරානය – බ්‍රසිලය ඇතුලු රටවල් කිහිපයක සිට ඇති අමෙරිකා පුරවැසියන් නොවන පුද්ගලයකන්ට ඇමෙරිකාවට ඇතුලුවීමට අවසර හිමිවන්නේ නැහැ.

ඇමෙරිකාවේ නව තීරණය සම්බන්ධයෙන් ගුවන් සමාගම් රැසක් ප්‍රසාදය පළ කර තිබෙනවා.

Related posts

නව වසර මුලින්ම උදාවූ රට

Mohamed Dilsad

ඇමරිකාවෙන් වාර්තා වන දෛනික කොවිඩ් මරණවල අඩුවීමක්

Mohamed Dilsad

ඇමසන් ලැව්ගින්න නිවීමට අවශ්‍ය විදේශාධාර ලබා ගැනීමට බ්‍රසීලයේ කැමැත්ත

Mohamed Dilsad

Leave a Comment