දේශීය

ගුරු ඔන්ලයින් වර්ජනය අඛණ්ඩව

(UTV | කොළඹ) – වැටුප් ගැටලුව මුල් කරගෙන ආරම්භ කර ඇති වෘත්තීය ක්‍රියාමාර්ගය තවදුරටත් අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට ඊයේ රැස් වූ ගුරු – විදුහල්පති වෘත්තීය සමිති ඒකාබද්ධ සන්ධානය තීරණය කර තිබෙනවා.

එහි නියෝජිත ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලින් කියා සිටියේ, පාසල් විවෘත කිරීමට නියමිත ලබන 21 වැනිදාට පෙර සිය ගැටලුවට විසඳුමක් ලබා නොදෙන්නේ නම්, එදින සිට සිය වෘත්තීය ක්‍රියාමාර්ගය දැඩි කරන බවයි.

ඊයේ පස්වරුවේ පැවති ගුරු – විදුහල්පති වෘත්තීය සමිති ඒකාබද්ධ සන්ධානයේ නියෝජිත හමුවට ඔන්ලයින් ඉගැන්වීම්වලින් ඉවත් වීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයේ නිරත ගුරු හා විදුහල්පති වෘත්තීය සමිති 31ක නියෝජිතයින් එක්ව සිටියා.

ගුරු – විදුහල්පති වෘත්තීය සමිති කිහිපයක් ආරම්භ කල ඔන්ලයින් ඉගැන්වීම්වලින් ඉවත් වීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය අද 97 වැනි දිනටත් ක්‍රියාත්මකයි.

Related posts

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර අවබෝධතා ගිවිසුම් කිහිපයකට අත්සන් තැබේ

Editor O

විපක්ෂ නායකගෙන් කථානායකට සුබපැතුම්

Editor O

අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ මාස 09ක් කොටුවී සිටි ගගනගාමීන් දෙදෙනෙකු පෘතුවියට ළඟාවෙති

Editor O

Leave a Comment