දේශීය

වසන්ත කරන්නාගොඩට එරෙහි අධි චෝදනා ඉවත්කර ගනී

(UTV | කොළඹ) – තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමට අදාළ නඩුවේ විත්තිකරුවෙකු ලෙස නම් කර සිටින හිටපු නාවික හමුදාපති, අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩට එරෙහිව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණයේ ගොනු කර ඇති අධිචෝදනා ඉවත් කර ගන්නා බව නීතිපතිවරයා අද අභියාචනාධිකරණයට දැනුම් දුන්නා.

ඒ, තමන්ට එරෙහිව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ නඩු පැවරීමට නීතිපතිවරයා ගෙන ඇති තීරණය බලරහිත කරන රීට් ආඥාවක් නිකුත් කරන්නැයි හිටපු නාවික හමුදාපතිවරයා ගොනු කර ඇති පෙත්සම කැදවූ අවස්ථාවේදියි.

නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යේෂ්ඨ රජයේ නීතිඥ අවන්ති පෙරේරා මෙම දැනුම් දීම සිදු කළ අතර, නඩුව සෝභිත රාජකරුණා, ධම්මික ගනේපොළ යන විනිසුරු මඩුල්ල හමුවේ කැදවනු ලැබුවා.

Related posts

රාජ්‍ය සේවක වැටුප වැඩි කරන විදිය

Editor O

ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් බලරහිත කරන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක්

Editor O

දිවයිනේ සියලුම ත්‍රීවිල් ජනවාරියේ සිට මිටර් ක්‍රමයට

Mohamed Dilsad

Leave a Comment