දේශීය

ආයෝඡන සංවර්ධනය සඳහා අවුරුදු 99-කට ඉඩම් බද්දට

(UTV | කොළඹ) – කොළඹ නගරයේ තවත් වටිනා ඉඩම් 3ක් 99-අවුරුදු බදු පදනම මත ආයෝජන ව්‍යාපෘති සඳහා ලබා දීමෙන් ශ්‍රී ලංකාවේ ආයෝජන ව්‍යාපෘති සංවර්ධනය කිරීමේ ශ්‍රී ලංකා රජයේ සැලසුම් ජාතික ආර්ථිකයට දායකත්වයක් ලබා දිය නොහැකි බවට කොළඹ නියෝජ්‍ය නගරාධිපති මොහමඩ් ඉක්බාල් මහතා සඳහන් කරයි.

දිගු කාලීන බදු මඟින් රටේ ඉරණම ව්‍යාකූල කරවන බවට ඉක්බාල් අනතුරු ඇඟවූ අතර, වරාය නගරය ආසන්නයේ පිහිටි නිසා කොටුව ප්‍රදේශයේ බොහෝ දේපල ආයෝජකයින්ට ලබා දීමට රජය කටයුතු කරමින් සිටින බවටද ඒ මහතා අවධාරණය කළේය.

එක් තීරයක් එක් මාවතක් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ මධ්‍යස්ථානයක් ලෙස චීනය සිය ආර්ථික සැලැස්මේ රාමුව තුළ ශ්‍රී ලංකාව ස්ථානගත කිරීමට උත්සාහ කරන බවත්, චීනය විසින් ශ්‍රී ලංකාවේ දේශපාලන හා ආර්ථික බලපෑම පසුගිය මැතිවරණවලදී පැහැදිලි වූ බවට ද පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව පැවසීය.

ශ්‍රී ලංකා ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානය පිහිටි භූමියේ පදනම් වටිනාකම රුපියල් බිලියන 3.7කි. මහජන බැංකු ශාඛාව පිහිටි ඉඩම පදනම් වටිනාකම රුපියල් බිලියන 1.3 ක් හා සතොස ගබඩා සංකීර්ණය පිහිටි ඉඩමේ පදනම් වටිනාකම රුපියල් බිලියන 1.6 ක් ලෙස අදාළ දැන්වීමේ සඳහන් කර තිබේ.

මූලාශ්‍රය: A24 ප්‍රවෘත්ති ඒජන්සිය

Related posts

ජේෂ්ඨ නීතීඥ ගෝමින් දයා ශ්‍රී අභාවප්‍රාප්ත වෙයි

Mohamed Dilsad

ජල ගැලීම්වලින් වගා හානි සිදුවූ ඉඩම් පිළිබඳ දැනුම් දෙන්න – කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය

Editor O

පාසල් ඇරඹීම කල් යන ලකුණු

Mohamed Dilsad

Leave a Comment