ගොසිප්

දේශපාලන පවුලක සාමාජිකයෙක් වුවද මට අත්දැකීම් අඩුයි – ජනපති පිළිගනී

(UTV | කොළඹ) – තමන් දීර්ඝකාලීන දේශපාලන පවුලක සාමාජිකයෙක් වුවද තමනට පෞද්ගලිකව දේශපාලන අත්දැකීම් අඩු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කර තිබේ.

එනිසා වසර 60 ක දේශපාලන අත්දැකීම් ඇති අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලන මැදිහත්වීම වැඩි වශයෙන් තමන් බලාපොරොත්තු වන බවත් ඒ මහතා පවසා තිබේ.

තමන් ජනාධිපතිවරයා වූ පසු දේශපාලන අත්දැකීම් ලබා ගනිමින් සිටින බවද ඒ මහතා පෙන්වා දී ඇත.

ඊයේ පස්වරුයේ පැවති කැබිනට් මණ්ඩල හමුවේදී ඒ මහතා මේ අදහස් පළ කර තිබේ.

Related posts

‘පියුමිගෙන් වැහුණු’ නැවේ ගින්න : ලෝක ප්‍රකට Economist සඟරාවෙන් විවේචන

Mohamed Dilsad

රෝහිත රාජපක්ෂට ‘ආචාර්ය’ උපාධියක්

Mohamed Dilsad

දෙවැනි කොරෝනා රැල්ලේ මූලාරම්භයට හේතුව මංගල සාද දෙකක්

Mohamed Dilsad

Leave a Comment