ක්‍රීඩා

බංග්ලාදේශ 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම හෙට දිවයිනට

(UTV | කොළඹ) – තරග සංචාරයකට සහභාගිවීම සදහා බංග්ලාදේශ අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම හෙට දිවයිනට පැමිණෙයි.

තරගාවලිය 15 වැනිදා ආරම්භ කිරීමට නියමිතයි. කණ්ඩායම් දෙක අතර එක්දින තරග පහක් පැවැත්වෙයි. ජෛව ආරක්ෂිත බුබුලක තරග පැවැත්වීමට සැලසුම් කර තිබේ.

ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහල කණ්ඩායම තරගාවලියකට සහභාගි වන්නේ කලකට පසුවයි. ලබන වසරේ පැවැත්වෙන වයස අවුරුදු 19 න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට මෙය ඉවහල් වනු ඇතැයි ශ්‍රී ලංකා 19 න් පහළ පුහුණුකරු අවිශ්ක ගුණවර්ධන මහතා පවසයි.

Related posts

ධනුෂ්කගේ ක්‍රිකට් තහනම ඉවත් කිරීම නීත්‍යනුකූල නොවන බවට ප්‍රකාශයක්

Mohamed Dilsad

ක්‍රිස් ගේල්ට වන්දියක්

Mohamed Dilsad

හෝමාගම ඉදිකිරීමට යන ක්‍රිකට් ක්‍රීඩාංගනයේ කටයුතු අත්හිටුවයි

Mohamed Dilsad

Leave a Comment