ක්‍රීඩා

බංග්ලාදේශ 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම හෙට දිවයිනට

(UTV | කොළඹ) – තරග සංචාරයකට සහභාගිවීම සදහා බංග්ලාදේශ අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම හෙට දිවයිනට පැමිණෙයි.

තරගාවලිය 15 වැනිදා ආරම්භ කිරීමට නියමිතයි. කණ්ඩායම් දෙක අතර එක්දින තරග පහක් පැවැත්වෙයි. ජෛව ආරක්ෂිත බුබුලක තරග පැවැත්වීමට සැලසුම් කර තිබේ.

ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහල කණ්ඩායම තරගාවලියකට සහභාගි වන්නේ කලකට පසුවයි. ලබන වසරේ පැවැත්වෙන වයස අවුරුදු 19 න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට මෙය ඉවහල් වනු ඇතැයි ශ්‍රී ලංකා 19 න් පහළ පුහුණුකරු අවිශ්ක ගුණවර්ධන මහතා පවසයි.

Related posts

බටහිර ඉන්දීය කොදෙව්වන්ට කඩුළු 7ක ජයක්

Mohamed Dilsad

අන්තර්ජාතික වයස අවුරුදු 15න් පහළ සිවුකොන් ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය හිමිකරගත් ශ්‍රී ලංකා කණ්ඩායම ජනපති හමුවෙයි

Mohamed Dilsad

IPL අවසන් සටනේ රනින් කැටයම් කළ කුසලානය කාට ද

Mohamed Dilsad

Leave a Comment