දේශීය

ප්‍රදේශ කිහිපයකට මිලිමීටර 100ට වැඩි තද වැසි

(UTV | කොළඹ) – දිවයිනේ ප්‍රදේශ කිහිපයක අද දිනයේදී මිලිමීටර 100ට වැඩි තද වැසි ඇති විය හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

බස්නාහිර – සබරගමුව – මධ්‍යම – වයඹ දකුණු සහ උතුරු පළාත්වල ඇතැම් ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි කාළගුණ නිවේදනයේ දැක්වෙන්නේ.

සෙසු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.

දිවයින හරහා විශේෂයෙන් මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් වයඹ – දකුණ සහ බස්නාහිර පළාත්වලත් සුළගේ වේගය විටින් විට පැයට කිලෝමීටර 50 දක්වා වැඩිවිය හැකි අතර අකුණු සහ සුළං මගින් සිදුවන අනතුරු අවම කරගන්නා ලෙසයි කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙන්නේ.

Related posts

දඹුල්ලේ සහ නෙළුවේ සැකකටයුතු මරණ 2ක්

Mohamed Dilsad

වව්නියාවේ නිරෝධායන මධ්‍යස්ථානයකට එරෙහිව  පිරිසක් විරෝධතාවයේ

Mohamed Dilsad

ගුරු වැටුප් විෂමතා සම්පූර්ණයෙන් ගෙවීමට තීරණයක්

Mohamed Dilsad

Leave a Comment