දේශීය

පොහොර නොමැතිව ගොවීන් දුෂ්කරතාවක

(UTV | කොළඹ) – පොහොර නොමැතිකමින් අනුරාධපුරය – කහටගස්දිගිලිය ප්‍රදේශයේ බඩඉරිඟු ගොවීන්ට වගා කටයුතු අතහැර දැමීමට සිදුව තිබෙනවා.

බඩඉරිඟු වගාව සඳහා මූලික බිම් සැකසීම් සිදු කළ ද අවශ්‍ය පොහොර නොමැතිකම හේතුවෙන් තම වගා කටයුතු ආරම්භ කිරීමට නොහැකි වී ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

මේ අතර පොහොර හා කෘෂිරසායනික නොමැතිවීම හේතුවෙන් ගලෙන්බිඳුණුවැව – එල්ලුම්ගස්යාය, හුරුළුගම, කිවුලේකඩ ඇතුලු අවට ගම්මානවල ගොවි පවුල් දහසකට වැඩි ප්‍රමාණයක් ද පීඩාවට පත්ව සිටිනවා.

ඔවුන් සඳහන් කළේ රසායනික පොහොර තහනම් කර කාබනික පොහොරවලින් වගාවන් සිදුකරන ලෙස රජය දැනුම් දුන්න ද එය, නිසි ක්‍රමවේදයකට සිදු නොවන බවයි.

Related posts

ශ්‍රී ලංකාව ආසියානු කුසලාන අවසන් මහා තරගයට සුදුසුකම් ලබයි

Mohamed Dilsad

නාවිකයන්ගේ පවුල්වල තවත් පිරිසක් නිරෝධායනය අවසන්කර පිටත් වෙයි

Mohamed Dilsad

පොරොවක් රැගෙනවිත් ගෙවල් බින්ඳ සොරා අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment