දේශීයව්‍යාපාරික

සහල් මෝල් හිමියන්ගෙන් සහල් සිල්ලර මිල නිවේදනයක්

(UTV | කොළඹ) – රජය විසින් සහල් සඳහා පනවා තිබූ උපරිම සිල්ලර මිල ඉවත් කිරීමත් සමඟ මහා පරිමාණ වී මෝල් හිමියන් මින් ඉදිරියට වෙළදපළේ සහල් අලෙවි කරන මිල ගණන් අද ප්‍රකාශයට පත් කළා.

ඒ අනුව නාඩු සහල් කිලෝග්‍රෑමයක් රුපියල් 115කටත්, සම්බා කිලෝග්‍රෑමයක් රුපියල් 140කටත්, කීරි සම්බා කිලෝග්‍රෑමයක් රුපියල් 165කටත් අලෙවි කරනු බවයි ඔවුන් ප්‍රකාශ කළේ.

මීට පෙර රජය විසින් කැකුළු සහල් කිලෝග්‍රෑමයක් රුපියල් 95කටත්, නාඩු කිලෝග්‍රෑමයක් රුපියල් 98කටත්, සම්බා කිලෝග්‍රෑමයක් රුපියල් 103කටත් සහ කීරි සම්බා කිලෝග්‍රෑමයක් රුපියල් 125ක උපරිම සිල්ලර මිලකට අලෙවි කළ යුතු බවට ගැසට් නිවේදනයක් නිකුත් කර තිබුණා.

කෙසේ වෙතත් ඊයේ රැස්වූ අමාත්‍ය මණ්ඩල අදාළ ගැසට් නිවේදනය අවලංගු කිරීමට තීරණය කළ අතර සහල් මිල ඉහළ යෑම වැළැක්වීම සඳහා සහල් මෙටි්‍රක් ටොන් ලක්ෂයක් වහාම ආනයනය කිරීමටයි තීරණය කළේ.

Related posts

ඉදිරි සතියේ දිවයිනට ගෑස් නෞකා හයක්

Mohamed Dilsad

අගමැතිගේ රාමසාන් පණිවුඩය

Mohamed Dilsad

අද දවසේ කාලගුණය

Mohamed Dilsad

Leave a Comment