දේශීය

පෞද්ගලික බස් හිමියන්ගෙන් පොදු ප්‍රවාහනය ගැන වර්ණ සැලැස්මක්

(UTV | කොළඹ) – ආසාදිතයින් ගණනය අනුව පළාත් 09 රතු, කහ, කොළ ලෙස කලාපවලට වෙන්කර සිතියමක වර්ණ ගන්වා බස් ධාවනය සිදුකල යුතු ආකාරය පිළිබඳ යෝජනාවක් රජයට ඉදිරිපත් කර ඇති බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසනවා.

එහි සභාපති ගැමුණු විජේරත්න කියා සිටියේ රතු වර්ණය ගන්වා ඇති ආසාදිතයින් වැඩි ප්‍රදේශවල බස් රථය තුළ මගීන් සියයට 50ක් පමණ රැගෙන යා යුතු බවයි.

එමෙන්ම කහ වර්ණය ගැන්වූ ආසාදියින් අඩු පළාත්වල සියයට 75ක මගී ප්‍රමාණයක්ද ධාවනය කිරීමට මෙම යෝජනාවෙන් දක්වා තිබෙනවා.

එමෙන්ම කොළ වර්ණය ගන්වා ඇති ආසාදිතයින් නොමැති ප්‍රදේශවල සියයට 100ක මගීන් ප්‍රමාණයක් රැගෙන යා හැකි ලෙස සිය යෝජනා ඉදිරිපත් කර ඇති බවයි ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න ප්‍රකාශ කළේ.

Related posts

අපනයන ආදායම වැඩිකරගෙන, විදේශ සංචිත ඉහළ දමා නොගතහොත් රටේ ආර්ථිකය යළි අර්බුධයකට ගමන් කරාවි – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

Editor O

බීවයිඩී වාහන ගැන අධිකරණය දුන් නියෝගය

Editor O

දිස්ත්‍රික්ක 6 කට තද වැසි

Mohamed Dilsad

Leave a Comment