දේශීය

අදත් තද වැසි

(UTV | කොළඹ) – අද දිනයේදීත් මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

බස්නාහිර / සබරගමුව / මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.

නැගෙනහිර සහ ඌව පළාතේ තැනින් තැන වැසි ස්වල්පයක් ඇතිවිය හැකියි.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

Related posts

මාලිමා ආණ්ඩුව ඉදිරිපත් කළ අයවැයෙන්, බලාපොරොත්තු වෙන අපේක්ෂිත ඉළක්ක වලට කිසිසේත් යන්න බැහැ – පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ

Editor O

ජනපති නිවස අසල දී පුද්ගලයෙකු ජීවිතක්ෂයට

Mohamed Dilsad

අද සිට අහෝසි වන බදු

Mohamed Dilsad

Leave a Comment