ක්‍රීඩා

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ පෙරමුණ කාටද?

(උදයම්,ඉන්දියාව)  – මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ මුල් වටය අවසානයේ ප්‍රමුඛස්ථානය හිමි කර ගන්නා කණ්ඩායම තීරණය කෙරෙන තරඟයක් කොල්කටා ඊඩ්න් ගාඞ්න් ක්‍රීඩාංගණයේදී අද පැවැත්වේ.

එහිදී තරඟ වදින්නේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සහ කොල්කටා නයිට්රයිඩර්ස් කණ්ඩායමය.

මෙතෙක් පැවැති තරඟ වලදී මුම්බායි පිළ තරඟ 13කට සහභාගි වී 9ක් ජයගෙන ඇති මුම්බායි පිළ, ලකුණු සටහනේ පෙරමුණ ගෙන ඇත්තේ ප්‍රසාද ලකුණු 18ක් ලබමිනි.

ප්‍රසාද ලකුණු 16ක් ලබා දෙවන ස්ථානයේ රැදී සිටින කොල්කටා පිළ තරඟ 13කදී ලැබූ ජයග්‍රහණ සංඛ්‍යාව 8කි.

පූනේ පිළ ද තරඟ 13කින් 8ක් ජයගෙන ප්‍රසාද ලකුණු 16ක් ලබා සිටින නමුදු ශුද්ධ ලකුණු රැස් කිරීමේ වේගය අනුව ඉදිරියෙන් සිටින්නේ කොල්කටා පිළය.

මුම්බායි පිළ සහ කොල්කටා පිළ අතර අද පැවැත්වෙන තරඟයෙන් ලකුණු සටහනේ මුල් තැන ගන්නා කණ්ඩායම මෙන්ම ඔවුන් ඉදිරි වටයේදී තරඟ කරන කණ්ඩායම් ද තීරණයවේ.

මේ අතර, අයර්ලන්තය සමඟ පැවැත්වෙන එක්දින තරගාවලියේදී බංග්ලාදේශ පිළ සමඟ එක්වීම නිසා කොල්කටා පිළේ ඉතිරි තරඟ සඳහා ශකිබ් අල් හසන් තරඟ නොකරන බව වාර්තා වෙයි.

මුම්බායි පිළ වෙනුවෙන් අදත් ලසිත් මාලිංග මුල් පෙළ වේග පන්දු යවන්නා ලෙස පිටියට පිවිසෙනු ඇති බව ක්‍රීඩා මාධ්‍ය සඳහන් කරයි.

Related posts

ඩෑඩ්ස් ක්‍රිකට් තරගාවලිය නිල වශයෙන් ප්‍රකාශයට පත් කෙරේ

Mohamed Dilsad

රිචර්ඩ්ස් – බෝතම් කුසලානයේ තරග කාලසටහන නිකුත් කෙරේ

Mohamed Dilsad

ලසිත් මාලිංග IPL වලින් සමු ගනී

Mohamed Dilsad

Leave a Comment