දේශීය

ලාංකිකයන්ට බූස්ටර් එන්නතක් දීමට මෙතෙක් අවසන් තීරණයක් නෑ

(UTV | කොළඹ) – අවුරුදු 12 ත් 19 ත් අතර නිධන්ගත රෝගවලින් පෙළෙන දරුවන්ට පමණක් හෙට දිනයේදී කොවිඩ් මර්දන එන්නත්කරණය ආරම්භ කෙරෙන බව යුධ හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.

කොළඹ – අනුරාධපුර සහ කුරුණෑගල දිස්ත්‍රික්වලදී හෙට සිට එය ක්‍රියාත්මකයි.

කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේදීත් අනෙකුත් දිස්ත්‍රික් දෙකෙහි රෝගී සායනවලදීත් එන්නත ලබාදීම සිදුවන බවයි යුධ හමුදාපතිවරයා සඳහන් කළේ.

ශ්‍රී ලාංකිකයන්ට 03 වන මාත්‍රාවක් හෙවත් බූස්ටර් එන්නතක් ලබාදීමට මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බවද යුධ හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා කියාසිටියා.

Related posts

විදුලිබල මණ්ඩලයේ ප්‍රශ්න, විපක්ෂ මන්ත්‍රීවරුන්ට කියන්නේ ඇයි?

Editor O

ආචාර්ය හරිනි අමරසූරිය ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට

Mohamed Dilsad

ජනාධිපති අනුර කරන ප්‍රකාශවලට පදනමක් නැහැ | ආණ්ඩුවේ අසමත් බව වසා ගැනීමට විපක්ෂයට චෝදනා කරනවා – නාමල් රාජපක්ෂ

Editor O

Leave a Comment