විදෙස්

ඔස්ට්‍රේලියාවේ කැන්බරා අග නගරය තවත් සති 04 කට ලොක්ඩවුන්

(UTV | ඔස්ට්‍රේලියාව) – ඔස්ට්‍රේලියාවේ කැන්බරා අග නගරයද ඇතුළත් ACT ප්‍රාන්තය සඳහා පණවා ඇති ලොක්ඩවුන් තත්වය තවත් සති 04 කින් දීර්ඝ කර තිබෙනවා.

ඒ ඊයේ දිනයේදී තවත් කොවිඩ් ආසාධිතයන් 22 දෙනෙකු තහවුරු වීමත් සමගයි.

ප්‍රාන්ත ප්‍රධාන අමාත්‍යවරයා පැවසුවේ 2022 වසර ආරක්ෂාකාරීව උදා කර ගැනීම සඳහා මෙම තීරණය ගත් බවයි.

ඒ අනුව නත්තල් සමයද ආරක්ෂාකාරීව සැමරීමට සිදුවනු ඇති බවටයි ඔහු අනාවැකි පළකලේ.

ACT ප්‍රාන්තය තුළ පළමුවෙන් ලොක්ඩවුන් තත්වයක් පැණවුයේ අගෝස්තු 12 වනදායි.

එය දින 07 ක් සඳහා ක්‍රියාත්මක වුවද අනතුරුව දිගින් දිගටම දීර්ඝ කරනු ලැබුවා.

මේ අනුව කැන්බරා නගරයේ සංචරණ සීමා අවසන් වනු ඇත්තේ ඔක්තෝබර් 15 වනදායි.

Related posts

නෝර්වේ සහ ඩෙන්මාර්කය අතර ගමන් ඇරඹීමට තීරණය කරයි

Mohamed Dilsad

දකුණුදිග මෙක්සිකෝවේ ප්‍රබල භූ කම්පනයක්

Mohamed Dilsad

ඉන්දියාවෙන් හමුවූ කොරෝනා නව ප්‍රභේද සීඝ්‍රයෙන් පැතිරෙන බව හෙළිවෙයි

Mohamed Dilsad

Leave a Comment