දේශීය

තවත් ෆයිසර් එන්නත් මාත්‍රා 76,000ක් දිවයිනට

(UTV | කොළඹ) – ශ්‍රී ලංකාව විසින් මිල දී ගත් ෆයිසර් එන්නත් මාත්‍රා 76,000ක් අද අලුයම දිවයිනට රැගෙන එනු ලැබුවා.

අද අලුයම 2.15ට කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන එනු ලැබූ ෆයිසර් එන්නත් මාත්‍රා 76,000 කිලෝග්‍රෑම් 445ක් බරැති පෙට්ටි තුළ අසුරා තිබුණා.

නෙදර්ලන්තයේ ඇමැස්ටර්ඩෑම් නුවර සිට පළමුව කටාර් රාජ්‍යයේ දෝහා වෙත ගුවන් මඟින් රැගෙන එනු ලැබූ මෙම එන්නත් තොගය පසුව කටාර් ගුවන් සේවයට අයත් භාණ්ඩ ප්‍රවාහන යානයකින් මෙරටට රැගෙනවිත් තිබෙනවා.

Related posts

රුසියාවට ඩ්‍රෝන ප්‍රහාරයක්

Editor O

සියළු වාණිජ බැංකු ලබන 11 – 12 විවෘතයි

Mohamed Dilsad

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය පීලී පැනීමක්

Mohamed Dilsad

Leave a Comment