දේශීය

පාසල් ළමුන් සඳහා එන්නත්කරණයේ කමිටු වාර්තාව ලබන සිකුරාදා

(UTV | කොළඹ) – පාසල් ළමුන් එන්නත්කරණය සහ පාසල් ආරම්භ කිරීම සම්බන්ධව තාක්ෂණික කමිටු වාර්තාව සැප්තැම්බර් මස 17 වන සිකුරාදා වන විට ජනාධිපති කාර්ය සාධක බලකායට ලබාදෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය පවසනවා.

ඒ අනුව පාසල් දරුවන්ට ෆයිසර් එන්නත ලබාදිය යුතු බවයි ඔහු සඳහන් කරන්නේ.

දරුවන් එන්නත්කරණය ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සහ වැඩිහිටි විශේෂඥවරුන්ගේ දැඩි අධීක්ෂණය යටතේ දරුවන්ට කිසිදු හානියක් නොවන ලෙස විද්‍යාත්මක ක්‍රමවේදයන්ට අනුව සිදු කළ යුතු බවයි විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය වැඩිදුරටත් සඳහන් කළේ.

එසේම පාසල් අධ්‍යාපන කටයුතුවලට සම්බන්ධ ගුරුවරු, අන්‍යධ්‍යන කාර්ය මණ්ඩලය, පාසල් ප්‍රවාහනයට සම්බන්ධ පිරිස්, ආපන ශාලාවලට සම්බන්ධ පිරිස් ඇතුළු පාසල් අධ්‍යාපන පරිපාලනයට සම්බන්ධ වයස අවුරුදු 20ට වැඩි පුද්ගලයින්ට එන්නත්කරණ කටයුතු සිදුකිරීමට මෙහිදී සැලසුම් කර තිබෙනවා.

Related posts

IOC සහයට සිපෙට්කෝ බවුසර්

Mohamed Dilsad

ආහාර වර්ජනයේ සිටින ‘කංජිපානි ඉම්රාන්’ බූස්ස නාවික රෝහලට

Mohamed Dilsad

දුම්රිය ගමන් වාර 400 ක් ධාවනයට එක්කිරීමට සූදානම්

Mohamed Dilsad

Leave a Comment