දේශීය

අගමැතිගේ ඉතාලි සංචාරය ගැන නිවේදනයක්

(UTV | කොළඹ) – ඉතාලියේ සංචාරයකට එක්වෙන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, එම සංචාරයේ දී අතිඋතුම් ෆ්‍රැන්සිස් පාප් වහන්සේ වතිකානයේ දී බැහැ දකින බවට පළවන වාර්තා මුළුමනින් ම අසත්‍ය බව අග්‍රාමාත්‍ය කාර්යාලය පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍ය කාර්යාලය පෙන්වා දෙන්නේ, බොලොඤ්ඤා විශ්වවිද්‍යාලයේ පැවැත්වෙන අන්තර්ජාතික සමුළුවක ආරම්භක සැසියේ ප්‍රධාන දේශනය පැවැත්වීම සහ රාජ්‍ය තාන්ත්‍රික හමුවීම් පදනම් කරගනිමින් අග්‍රාමාත්‍යවරයාගේ ඉතාලි සංචාරය සැලසුම් කර ඇති බවයි.

එහෙත්, ශුද්ධෝත්තම පාප් වහන්සේ වතිකානයේ දී බැහැ දැකීම සඳහා අග්‍රාමාත්‍යවරයා විසින් කිසිදු අවස්ථාවක ඉල්ලීමක් සිදු නො කළ අතර, ඒ සඳහා වතිකානයෙන් ද ආරාධනයක් ලැබී නොමැති බවයි විදේශ අමාත්‍යාංශය ප්‍රකාශ කළේ.

එසේම අග්‍රාමාත්‍යවරයා ජාත්‍යන්තර සමුළුව ඇමතීමෙන් පසු බොලොඤ්ඤා හි සිට දිවයිනට පැමිණෙන බව ද එමඟින් සඳහන් කළා.

Related posts

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරනු, බදු පහත හෙළනු – කොටුව දුම්රියපොළ ඉදිරිපිට උද්ඝෝෂණයක්

Editor O

වත්තලදී එකම පවුලේ සිව් දෙනෙක් මුහුදට බිලි වෙයි

Mohamed Dilsad

කුවේට් රජය සියලු වාණිජ ගුවන් යානා ඇතුළුවිම තාවකාලිකව අත්හිටුවයි

Mohamed Dilsad

Leave a Comment