දේශීය

හෙරොයින් විශාල ප්‍රමාණයක් සමග විදේශිකයන් 07 ක් නාවික භාරයට

(UTV | කොළඹ) – හෙරොයින් විශාල ප්‍රමාණයක් ප්‍රවාහනය කරමින් තිබූ යාත්‍රාවක් දකුණු මුහුදු තීරයේදී ශ්‍රී ලංකා නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික සිල්වා මහතා නිව්ස් රේඩියෝවට කියාසිටියේ අද අලුයම සිදුකල මෙම වැටලීමේදී විදේශිකයන් 07 දෙනෙකුද නාවික හමුදා භාරයට ගෙන ඇති බවයි.

අදාළ සැකකරුවන් සහ හෙරොයින් තොගය මේ වනවිට කොළඹ වරාය දක්වා රැගෙන එමින් පවතින බවද ඔහු සඳහන් කලා.

අනතුරුව හෙරොයින් තොගයේ බර සහ වටිනාකම තක්සේරු කිරීමට නියමිත බවයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික සිල්වා මහතා කියාසිටියේ.

ශ්‍රී ලංකා පොලීසියට ලැබුණු බුද්ධි තොරතුරක් මත ශ්‍රී ලංකා නාවික හමුදා බුද්ධි අංශය සහ ශ්‍රී ලංකා නාවික හමුදා නෞකා සහ යාත්‍රා එක්ව සිදුකරන ලද විශේෂ මෙහෙයුමකදී සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ලදී.

ඒ අනුව, එම සැකකටයුතු ධීවර යාත්‍රාව සහ විදේශීය ජාතික සැකකරුවන් 07 දෙනා මේ වන විට ශ්‍රී ලංකා නාවික නෞකා සමුදුර නෞකාව මඟින් කොළඹ වරාය වෙත රැගෙන එමින් පවතී.

සැකකරුවන් 07 දෙනා ඉදිරි විමර්ශන කටයුතු සිදු කිරීම සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාරදීමට නියමිතව ඇත.

Related posts

මා බලයට පත් වී මාස හයෙන් විසදුම…

Mohamed Dilsad

රට පුරා සියලු ප්‍රදේශීය ලේකම් බලප්‍රදේශවල ට බලපැවැත්වෙන අතිවිශේෂ ගැසට් නිවේදනයක්

Editor O

මාර්ග කි.මි ලක්ෂයේ ඉදිකිරීම් 2024 දි අවසන්

Mohamed Dilsad

Leave a Comment