දේශීය

වැඩිහිටි දීමනා ගෙවීම අද සහ හෙට

(UTV | කොළඹ) –  අගොස්තු මාසයට අදාළ වැඩිහිටි දීමනා මහජන ආධාර දීමනා ඇතුළු අනෙකුත් මහජන ගෙවීම් සඳහා අද (01) සහ හෙට (02) තැපැල් හා උපතැපැල් කාර්යාල විවෘතකර තිබේ.

ඒ අනුව දීමනාලාභින්ට සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන් අනුගමනය කරමින් අදාළ තැපැල් හා උපතැපැල් කාර්යාල වෙත පැමිණ තම දීමනා ලබාගැනීමේ හැකියාව පවතින බව නියෝජ්‍ය තැපැල්පති තුසිත හුලංගමුව මහතා පැවසීය.

මේ අතර දිවයින පුරා සියලු ආර්ථික මධ්‍යස්ථාන අද සහ හෙට යන දෙදින තුළ විවෘතකර කර ඇත.

ඒ අනුව තොග වෙළෙඳුන් සඳහා පමණක් සියලු ආර්ථික මධ්‍යස්ථාන අද අලුයම 04.00 සිට විවෘත කර ඇති බව වාර්තා විය.

මැනිං පොදු වෙළෙඳ සංකිර්ණය වෙත තොග වෙළෙඳාම් සඳහා පැමිණිමේ දී කොවිඩ් සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරන ලෙස මැනිං පොදු වෙළෙඳ සංගමයේ සංවිධායක අනිල් ඉන්ද්‍රජිත් මහතා වෙ‌ළෙඳුන්ට දැනුම්දෙයි.

Related posts

ආනයනය කළ බඩ ඉරිඟු තොගයක් වරායේ හිරවෙලා | ත්‍රීපෝෂ නිෂ්පාදනය අඩාල වෙයි..!

Editor O

වැඩබලන සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස චන්න ජයසුමන දිවුරුම් දෙයි

Mohamed Dilsad

විද්යුත් වීසා නිකුත් කිරීම විදේශ සමාගම් දෙකකට ලබාදීම ට එරෙහිව අධිකරණයෙන් වාරණ නියෝගයක්

Editor O

Leave a Comment