දේශීය

වැඩිහිටි දීමනා ගෙවීම අද සහ හෙට

(UTV | කොළඹ) –  අගොස්තු මාසයට අදාළ වැඩිහිටි දීමනා මහජන ආධාර දීමනා ඇතුළු අනෙකුත් මහජන ගෙවීම් සඳහා අද (01) සහ හෙට (02) තැපැල් හා උපතැපැල් කාර්යාල විවෘතකර තිබේ.

ඒ අනුව දීමනාලාභින්ට සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන් අනුගමනය කරමින් අදාළ තැපැල් හා උපතැපැල් කාර්යාල වෙත පැමිණ තම දීමනා ලබාගැනීමේ හැකියාව පවතින බව නියෝජ්‍ය තැපැල්පති තුසිත හුලංගමුව මහතා පැවසීය.

මේ අතර දිවයින පුරා සියලු ආර්ථික මධ්‍යස්ථාන අද සහ හෙට යන දෙදින තුළ විවෘතකර කර ඇත.

ඒ අනුව තොග වෙළෙඳුන් සඳහා පමණක් සියලු ආර්ථික මධ්‍යස්ථාන අද අලුයම 04.00 සිට විවෘත කර ඇති බව වාර්තා විය.

මැනිං පොදු වෙළෙඳ සංකිර්ණය වෙත තොග වෙළෙඳාම් සඳහා පැමිණිමේ දී කොවිඩ් සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරන ලෙස මැනිං පොදු වෙළෙඳ සංගමයේ සංවිධායක අනිල් ඉන්ද්‍රජිත් මහතා වෙ‌ළෙඳුන්ට දැනුම්දෙයි.

Related posts

සුළි කුණාටු තත්ත්වයක් ගැන අනතුරු ඇඟවීම්

Mohamed Dilsad

එරෝෆ්ලොට් නඩුව නිෂ්ප්‍රභ කෙරේ

Mohamed Dilsad

කඳානේ වෙඩිතැබීමේ සුලමුල හෙළිවෙයි

Mohamed Dilsad

Leave a Comment