දේශීය

සංචරණ සීමා ක්‍රියාත්මක කාලසීමාව තුල ජනතාවගේ හැසිරීමට යුද හමුදාපතිවරයාගේ ඇගයීමට

(UTV | කොළඹ) – නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන කාලය තුල ජනතාවගේ හැසිරිීම සතුටුදායක බව කොවිඩ් නයින්ටීන් පැතිරීම වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා කියයි.

ඒ සම්බන්ධයෙන් ඔහු ජනතාවට සිය කෘතඥතාව පළ කරයි. ඊයේ වනවිට මෙරට වයස අවුරුදු 30 ට වැඩි ජනගහනයෙන් සියයට 55 කට දෙවන මාත්‍රාව එන්නත් කර තිබිණි.

එය සැබවින්ම වැදගත් සන්ධිස්ථානයක් ලෙස යුද හමුදාපතිවරයා හඳුන්වයි. වයස අවුරුදු 60 වැඩි වැඩිහිටි ජනගහනය එන්නත් කිරීම සදහා යුද හමුදාව මේ වනවිට ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කරයි.

නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක කාලසීමාව වැඩිහිටි ජනගහනය එන්නත් කිරීම සදහා විශේෂයෙන් වෙන් කෙරිණි.

Related posts

තවත් ෆයිසර් එන්නත් මාත්‍රා 73,000ක් දිවයිනට

Mohamed Dilsad

දින 03 ක් සියලුම ඖෂධ අලෙවිසැල් විවෘත කරයි

Mohamed Dilsad

වීසා ලබාදෙන බව පවසා මුදල් වංචා කළ පිරිසක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment