දේශීය

ඇඳිරිනීතිය උල්ලංඝනය කළ 705ක් අත්අඩංගුවට

(UTV | කොළඹ) – නිරෝධායන ඇඳිරිනීතිය උල්ලංඝනය කිරීම සහ නිරෝධායන රීති කඩකිරීම් සම්බන්ධව පුද්ගලයන් 705ක් ගත වූ පැය 24ක කාලය තුළ අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසනවා.

ඒ අනුව නිරෝධායන නීතිරීති උල්ලංඝනය කිරීම් සම්බන්ධව මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති සමස්ත සංඛ්‍යාව 58,414ක්.

මේ අතර බස්නාහිර පළාතට ඇතුළුවන සහ පිටවන ස්ථාන 13ක ස්ථාපිත කර ඇති මාර්ග බාධකවල දී ඊයේ දිනය තුළ වාහන 458ක් සහ පුද්ගලයන් 735ක් පරීක්ෂාවට ලක්කර තිබෙනවා.

Related posts

මුස්ලිම් කොංග්‍රසයේ පුරප්පාඩු මන්ත්‍රී ධුරයට අලුත් කෙනෙක්

Editor O

ජනපති මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වෙයි

Mohamed Dilsad

මියන්මාරයේ භූ කම්පාවෙන් මිය ගිය සංඛ්‍යාව 150 ඉක්මවයි

Editor O

Leave a Comment