දේශීය

සංචාරක වීසා ගාස්තුවල වෙනසක්

(UTV | කොළඹ) – ආගමන හා විගමන දෙපාර්තමේන්තුව යටතේ ක්‍රියාත්මක වන මාර්ගගත විද්‍යුත් සංචාරක වීසා බලපත්‍ර ලබාදීමේ පද්ධතිය (ඔන්ලයින් වීසා ක්‍රමය) යටතේ මෙරට සංචාරය සඳහා පැමිණෙන විදේශිකයින්ට එකවර දින 180ක් දක්වා වලංගු වීසා බලපත්‍රයක් ලබාදීමට පසුගියදා පැවති කැබිනට් මණ්ඩල රැස්වීමක දී තීරණය කර තිබුණි.

ඒ අනුව පහත සඳහන් පරිදි වීසා ගාස්තු අය කරමින් එකී සංචාරක වීසා බලපත්‍ර නිකුත් කිරීම පිණිස ආරක්ෂක අමාත්‍යවරයා වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩල එකඟතාව හිමිවී ඇත.

ඒ අනුව,

සාර්ක් රටවල සංචාරකයින් – අමෙරිකානු ඩොලර් 70ක්.

සාර්ක් නොවන රටවල සංචාරකයින් – අමෙරිකානු ඩොලර් 85ක්.

සිංගප්පූරුව, මාලදිවයින, සීෂෙල්ස් යන රටවල සංචාරකයින් – අමෙරිකානු ඩොලර් 50ක්,

වශයෙන් අය කිරීමට තීරණය වී තිබේ.

Related posts

සෞඛ්‍ය වෘත්තීයවේදීන් වෘත්තීය ක්‍රියාමාර්ගයකට

Editor O

සියලුම රාජ්‍ය සේවකයින් ට විශේෂ දැනුම්දීමක්

Mohamed Dilsad

දක්ෂිණ අධිවේගී මාර්ගයේ බැදිගමට නව අන්තර් හුවමාරුවක්

Mohamed Dilsad

Leave a Comment