දේශීයව්‍යාපාරික

මෙරට සෞඛ්‍ය පද්ධතිය වැඩි දියුණු කිරීමට ආසියානු සංවර්ධන බැංකුවේ හයිය

(UTV | කොළඹ) – මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සංවර්ධන කටයුතු සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 50ක අරමුදලක් ලබා දීමට ආසියානු සංවර්ධන බැංකුව එකඟතාව පළ කර තිබෙනවා.

මේ අතරින් ඇමරිකානු ඩොලර් මිලියන 37.5ක්, ණය මුදලක් ලෙස ලැබෙන අතර, ඇමරිකානු ඩොලර් මිලියන 12.5ක මුදලක් ලැබෙන්නේ ප්‍රදානයක් ලෙසට යි.

මෙම මුදලෙන් ඇමරිකානු ඩොලර් මිලියන 15ක් මේ වනවිටත් පවතින කෝවිඩ් 19 ආශ්‍රිත ක්‍රියාකාරකම් සඳහා ලබාදී තිබෙනවා.

මීට අමතර ව ආසියානු සංවර්ධන බැංකුව එකඟතාව පළ කර ඇත්තේ කොවිඩ් -19 වෛරස ව්‍යාප්තිය හේතුවෙන් වැඩිවන රෝගීන් කළමනාකරණය කිරීම සඳහා අවශ්‍ය පහසුකම් සැලසීම පිණිස තවත් ඇමරිකානු ඩොලර් මිලියන 125ක අතිරේක මූල්‍යකරණ පහසුකමක් ලබාදීමට යි.

මෙලෙස ආසියානු සංවර්ධන බැංකුවෙන් මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සංවර්ධනය සඳහා ලැබෙන මුදල රුපියල් බිලියන 34 කට අධිකයි.

මේ සම්බන්ධයෙන් ආසියානු සංවර්ධන බැංකුව සමඟ සාකච්ඡා පැවැත්වීම සඳහා සෞඛ්‍ය අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වී තිබෙනවා.

Related posts

යුක්‍රේන සංචාරකයින්ගේ සංචාර හදිස්සියේ අවලංගු කෙරේ

Mohamed Dilsad

රටට අලුත් වැඩපිළිවෙලක් සහ අලුත් දර්ශනයක් අවශ්‍යයයි – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

Editor O

සබරගමු සරසවියේ පළමු වසර සිසුන්ගේ අධ්‍යන කටයුතු සඳුදා ඇරඹේ

Mohamed Dilsad

Leave a Comment