දේශීය

පෑලියගොඩ මාළු වෙළෙඳ සංකීර්ණය විවෘත කරයි

( UTV | කොළඹ) –  පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණය අද (23) සිට තොග වෙළෙඳාම සඳහා විවෘත කෙරුණි.

එහි ව්‍යාපාරික සංගමය සඳහන් කළේ සෞඛ්‍ය උපදෙස් අනුව වෙළෙඳ සංකීර්ණයේ කටයුතු සිදුකෙරෙන බවය.

පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ ව්‍යාපාරික සංගමයේ සභාපති ජයසිරි වික්‍රමආරච්චි මහතා සඳහන් කළේ,

“පෙර පරිදිම තොග වෙළෙඳාම අපි ආරම්භ කළා. මින් ඉදිරියට සම්පූර්ණයෙන්ම තොග වෙළෙඳාම පමණයි අපි සිදුකරන්නේ. පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණය ආරක්ෂි ස්ථානයක්.”

මේ අතර දිවයිනේ සියලු විශේෂ ආර්ථික මධ්‍යස්ථාන අගෝස්තු 24 සහ 25 දිනවල තොග වෙළෙඳාම සඳහා විවෘතව තබන බව ඊයේ රජය නිවේදනය කරනු ලැබීය.

Related posts

මත්පෙති තොගයක් සමඟ දෙදෙනෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

මිලියන 16 කට අධික සෞඛ්‍ය උපකරණ කට්ටල තොගයක් කොළඹ මහනගර සභාව වෙත

Mohamed Dilsad

කොළඹ විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක්

Mohamed Dilsad

Leave a Comment