කලා

මනිරත්නම්ගේ ‘පොන්නියින් සෙල්වන්’ ලංකාවේ රූගතකිරීම් නතර කළේ නිෂ්පාදකයින්ගේ තීරණයකින්

ප‍්‍රකට ඉන්දීය සිනමාකරු මනිරත්නම් විසින් අධ්‍යක්ෂණය කරන ඔහුගේ අලූත්ම චිත‍්‍රපටය වන ”පොන්නියින් සෙල්වන්” චිත‍්‍රපටයේ ශී‍්‍ර ලංකාවේ රූපගත කිරීම් අවලංගු කරන ලද්දේ එම නිෂ්පාදන සමාගමේ තීරණයක් අනුව බව එහි ශී‍්‍ර ලංකාවේ පහසුකම් සපයන්නන් වූ ‘ෆිල්ම් ටීම්’ ආයතනයේ අධ්‍යක්ෂවරයකු වන රවීන්ද්‍ර රන්දෙනිය මහතා පවසයි. රන්මිහිතැන්න ටෙලි සිනමා ගම්මානයේ මේ සඳහා පසුතල ඉදිකිරීමට කලින් සැලසුම් කොට තිබූ නමුත් ඒ පිළිබඳ අවසාන තීරණයක් ගෙන නොතිබූ බවත් පවතින වසංගත තත්ත්වය නිසා උද්ගත වන දුෂ්කරතා හේතුවෙන් හා හයිද්‍රාබාද්හි රාමෝජි සිනමා ගම්මානයේ ඉදි කොට තිබෙන පසුතල ප‍්‍රමාණවත් වෙනස් කිරීමකින් පසු අපේක්ෂිත රූගත කිරීම් පිණිස යොදා ගත හැකි බැවින් ශී‍්‍ර ලංකාවේ රූගත කිරීමට සැලසුම් කොට තිබූ දර්ශන එහිදී රූගත කිරීමට තීරණය කොට ඇති බවත් නිෂ්පාදක සමාගම විසින් දැනුම් දී ඇති බවත් රවීන්ද්‍ර රන්දෙනිය මහතා පවසයි.

ඓතිහාසික වීරාඛ්‍යානයක් වන ”පොන්නියි සෙල්වන්” මනිරත්නම්ගේ 27 වන අධ්‍යක්ෂණයයි. මෙම දැවැන්ත දමිළ භාෂිත චිත‍්‍රපටයේ වික‍්‍රම්, අයිශ්වර්යා රායි, ටී‍්‍රෂා, කාර්ති, ජයරාම්, ජයම් රවි, ප‍්‍රභූ, සරත්කුමාර් ආදී කොලිවුඞ් හා බොලිවුඞ් ජනප‍්‍රිය නළුනිළියන් රැුසක් චරිත නිරූපණය කරන අතර සංගීත අධ්‍යක්ෂණය ඒ. ආර්. රහුමාන් විසිනි.

Related posts

ෂාහිඩ් අලුත් චිත්‍රපටයකින් නැවතත්

Mohamed Dilsad

AKON හොර රහසේ ලංකාවට

Mohamed Dilsad

රංගන ශිල්පී පැතුම් රුක්ෂාන්ගේ Wedding Pre-Shoot එක මෙන්න

Mohamed Dilsad

Leave a Comment