දේශීය

අද රෑ සිට සතියකට රට “අගුලු දමයි”

(UTV | කොළඹ) – අද (20) රාත්‍රියේ 10 සිට 30 වන දා අලුයම 4 තෙක් මුළු දිවයිනට ම බලපාන ආකාරයට නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක කරන බව යුද්ධ හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද පැවති කොවිඩ් පාලනය පිළිබඳ කමිටු රැස්වීමේදී එම තීරණය ගෙන තිබිණි.

එම කාලය තුළ අත්‍යවශ්‍ය සේවා, ඇඟලුම් කර්මාන්ත, කෘෂිකාර්මික කටයුතු සහ ඖෂධ අලෙවි සල් පවත්වාගෙන යාමට අවසර ලැබෙන බව හමුදාපතිවරයා සඳහන් කළේය.

මෙම කාලය තුළ නිවෙස්වලට ගොස් වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයින්ට කොවිඩ් එන්නත ලබා දීමට යුද්ධ හමුදාව සහ සෞඛ්‍ය අංශ කටයුතු කරන බව ද යුද හමුදාපතිවරයා පැවසීය.

කෙසේ වෙතත්, එන්නත්කරණ ක්‍රියාවලිය සාමාන්‍ය පරිදි සිදු කෙරෙනු ඇත.

Related posts

ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ දෙවන ගමන ජපානයට

Mohamed Dilsad

පැන්ඩෝරා ගනුදෙනු පිළිබඳ අල්ලස් කොමිසම විමර්ශන අරඹයි

Mohamed Dilsad

සහරාන් සමඟ අවි පුහුුණුව ලැබූ 64 දෙනා යළිත් රිමාන්ඩ්

Mohamed Dilsad

Leave a Comment