දේශීය

රජය හදිසියේ ඉන්දියාවෙන් ඔක්සිජන් මිලට ගැනීමට සූදානම් වේ

(UTV| කොළඹ) – රෝහල් දැඩිසත්කාර ඒකක වල ප්‍රතිකාර ලබන කොරෝනා ආසාදිතයින් සඳහා අවශ්‍ය කරන ඔක්සිජන් වායුව මෙට්‍රික් ටොන් 100ක් ඉන්දියාවෙන් මිලට ගැනීමට රජය තීරණය කර තිබෙනවා.

ලබන සතිය තුළදී මිලදී ගැනීමට නියමිත මෙම අතිරේක ඔක්සිජන් තොග වහාම කොවිඩ් 19 ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත ලබා දීමටයි රජය සූදානම් වන්නේ.

සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්වරයා පවසන්නේ අවශ්‍යතාව අනුව ඉදිරියේ දී තවදුරටත් ඉන්දියාවෙන් ඔක්සිජන් මිලදී ගැනීම් සඳහා කටයුතු කරන බවයි.

දිවයින පුරා කොවිඩ් 19 රෝගය සීඝ්‍රයෙන් පැතිර යාම හේතුවෙන් රෝහල් දැඩි සත්කාර ඒකකවල ඔක්සිජන් සඳහා වැඩි ඉල්ලුමක් ඇතිවී තිබෙනවා.

මේ වන විට මෙරට නිෂ්පාදනය කරනු ලබන ඔක්සිජන් ධාරිතාව ඉල්ලුම හා ගැලපී ඇති නිසා ආරක්ෂිත ක්‍රියාමාර්ගයක් ලෙස මෙම මිලදීගැනීම සිදු කිරීමට තීරණය කළ බවයි සෞඛ්‍ය අංශ ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

Related posts

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පුටුවෙන් ඉදිරි මැතිවරණවලට

Editor O

ඉදිරියේදී ඇතිවන ආහාර හිඟයට ගෙවතු වගා දස ලක්ෂයක ව්‍යාපෘතියක්

Mohamed Dilsad

රනිල් ජනපති කොමිසමේ පොලිස් ඒකකයට කැඳවයි

Mohamed Dilsad

Leave a Comment