දේශීය

කොවිඩ් රෝගීන් නිවෙස්වල රඳවා ප්‍රතිකාර කිරීම අද

(UTV | කොළඹ) – කොරෝනා වෛරසය ආසාදිත, එහෙත් රෝග ලක්ෂණ නොපෙන්වන හා අසාධ්‍ය නොවන රෝගීන් නිවසේ රඳවා ප්‍රතිකාර කිරීමේ ක්‍රමවේදය අද(09) සිට ආරම්භ කෙරෙනවා.

ඩෙල්ටා ප්‍රභේදයේ ව්‍යාප්තියත් සමඟ මෙරට රජයේ හා පෞද්ගලික රෝහල් රැසක ධාරිතාව ඉක්මවාගොස් ඇති පසුබිමක අසාධ්‍ය රෝගීන් පමණක් රෝහල්ගත කිරීමේ අරමුණිනුයි මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කෙරෙන්නේ.

ආසාදිතයන් නිවසේ සිට රැකබලාගැනීමේ වැඩපිළිවෙල පළමුව නියමු වැඩසටහනක් ලෙස කළුතර දිස්ත්‍රික්කයෙන් ආරම්භ කෙරුණු අතර, පසුව එය බස්නාහිර පළාතේ සෙසු දිස්ත්‍රික්ක තුළද ක්‍රියාත්මක කළා.

එහි සාර්ථකත්වය සැළකිල්ලට ගනිමින් රෝගීන් වැඩි වශයෙන් වාර්තාවන මෙම අවස්ථාවේ රෝහල් පද්ධතිය කළමනාකරණය කරගැනීම සඳහා එම වැඩපිළිවෙල යොදාගන්නා බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ.

Related posts

කුරුණෑගල නගරාධිපතිවරයා අත්අඩංගුවට ගැනීම කල් යයි

Mohamed Dilsad

ව්‍යවස්ථාදායක සභාව අද රැස්වෙයි

Mohamed Dilsad

සමගි ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය එළිදැක්වීම අද

Mohamed Dilsad

Leave a Comment