දේශීය

කොවිඩ් රෝගීන් නිවෙස්වල රඳවා ප්‍රතිකාර කිරීම අද

(UTV | කොළඹ) – කොරෝනා වෛරසය ආසාදිත, එහෙත් රෝග ලක්ෂණ නොපෙන්වන හා අසාධ්‍ය නොවන රෝගීන් නිවසේ රඳවා ප්‍රතිකාර කිරීමේ ක්‍රමවේදය අද(09) සිට ආරම්භ කෙරෙනවා.

ඩෙල්ටා ප්‍රභේදයේ ව්‍යාප්තියත් සමඟ මෙරට රජයේ හා පෞද්ගලික රෝහල් රැසක ධාරිතාව ඉක්මවාගොස් ඇති පසුබිමක අසාධ්‍ය රෝගීන් පමණක් රෝහල්ගත කිරීමේ අරමුණිනුයි මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කෙරෙන්නේ.

ආසාදිතයන් නිවසේ සිට රැකබලාගැනීමේ වැඩපිළිවෙල පළමුව නියමු වැඩසටහනක් ලෙස කළුතර දිස්ත්‍රික්කයෙන් ආරම්භ කෙරුණු අතර, පසුව එය බස්නාහිර පළාතේ සෙසු දිස්ත්‍රික්ක තුළද ක්‍රියාත්මක කළා.

එහි සාර්ථකත්වය සැළකිල්ලට ගනිමින් රෝගීන් වැඩි වශයෙන් වාර්තාවන මෙම අවස්ථාවේ රෝහල් පද්ධතිය කළමනාකරණය කරගැනීම සඳහා එම වැඩපිළිවෙල යොදාගන්නා බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ.

Related posts

යාපනය තිස්ස විහාරයට පහර දෙන බවට සමාජ මාධ්‍ය සටහනක් – ඒ ගැන වාර්තාවක් ඉදිරිපත් කරන්න : යාපනය මල්ලාකම් මහෙස්ත්‍රාත්

Editor O

හිර­ගෙ­වල් පුර­වලා සදා­කල් බලයේ සිටී­මට ආණ්ඩුව සිතන්නේ නම් ඒක විහි­ළු­වක් – හිටපු ඇමති ජෝස්ටන් ප්‍රනාන්දු

Editor O

ශිෂ්‍යත්ව විභාගයේ කඩඉම් ලකුණු මෙන්න : සිසුන් 51,244 ක් කඩඉම පනී

Editor O

Leave a Comment