විදෙස්

බ්‍රිතාන්‍යයේ මිලියන 32 කට කොවිඩ් තෙවැනි මාත්‍රාව

බ්‍රිතාන්‍යයේ කොවිඩ් එන්නත් තෙවන මාත්‍රාව ලබාදීමේ වැඩසටහන ලබන මසදී ආරම්භවීමට නියමිත බව විදෙස් මාධ්‍ය පවසයි.

එම වැඩසටහන ඔස්සේ බ්‍රිතාන්‍යයේ ජනගහණයෙන් මිලියන 32කට ඒ අනුව තෙවැනි කොවිඩ් මර්දන එන්නත් මාත්‍රාව ලබාදීමට යෝජනා වී තිබේ.

ඒ සඳහා ෆයිසර් එන්නත යොදාගැනීමට නියමිතය.

මේ අතර දින කිහිපයකට පෙර කොවිඩ් මර්දන එන්නතේ තෙවැනි මාත්‍රාවක් ලබාදීම ඊශ්‍රායලය ආරම්භ කළේය.

ඔවුන් ඒ සඳහා ෆයිසර් එන්නත භාවිතා කරයි.

වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයින්ව ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදයෙන් බේරාගැනීමට සඳහා තමන් එවැනි පියවරක් ගත් බව ඊශ්‍රායලය පැවසීය.

මේ වන විට තුර්කිය සහ හංගේරියාවද තම ජනතාව සඳහා කොවිඩ් මර්දන එන්නතේ තෙවැනි මාත්‍රාව ආරම්භකර තිබේ.

Related posts

ඩොනල්ඩ් ට්‍රම්ප් සම්බන්ධයෙන් දෝෂාභියෝග පරීක්ෂණයක්[VIDEO]

Mohamed Dilsad

ප්‍රහාරකයෝ මොස්කව් වෙතටම එති

Mohamed Dilsad

සුප්‍රකට හොලිවුඩ් නළු ෂෝන් කොනරි මිය යයි

Mohamed Dilsad

Leave a Comment