දේශීය

අගමැති සහ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු අතර සාකච්ඡාවක්

(UTV | කොළඹ) – අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ ආණ්ඩු පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් අතර අද(02) දිනයේ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.

අද පස්වරුවේ අරලියගහ මන්දිරයේදී මෙම සාකච්ඡාව පැවැත්වෙන බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. දැනට සමාජයේ කතාබහට ලක්වී ඇති කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත පිළිබඳව මෙහිදී සාකච්ඡා කිරීමට නියමිත බවද වාර්තා වේ.

ඒ අනුව ඒ සම්බන්ධයෙන් දැනුවත් කිරීමක් සිදු කෙරෙන අතර අදාළ කෙටුම්පත සම්බන්ධයෙන් මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු විරුද්ධ මත ප්‍රකාශකර ඇති අතර ඒ පිළිබඳව ද අද දිනයේ සාකච්ඡාවට ලක් කිරීමට නියමිත බව වැඩිදුරටත් වාර්තා වෙයි.

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත් කෙටුම්පත එළඹෙන සිකුරාදා පාර්ලිමේන්තුවේදී විවාදයට ගෙන සම්මත කරගැනීමට රජය මේ වනවිට සැලසුම් සකස් කර තිබේ.

Related posts

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව පිටවීම වසා දැමේ

Mohamed Dilsad

ග්‍රාමීය දරුවන්ට, ජාත්‍යන්තරය සමග ගනුදෙනු කරමින් ලෝක රැකියා වෙළඳපොලට යොමුවීමට හැකි අධ්‍යාපනයක් නිර්මාණය කිරීමේ වගකීම වත්මන් ආණ්ඩුව ඉටු කරාවිද ? – නාමල් රාජපක්ෂ 

Editor O

සාගර කාරියවසම් ට අලුත් තනතුරක්

Mohamed Dilsad

Leave a Comment