දේශීය

දේශීය සේලයින් සඳහා කැබිනට් අනුමැතිය හිමිවෙයි

(UTV | කොළඹ) – දීර්ඝ කලක් පුරා ශ්‍රී ලංකාවේ වෛද්‍ය ක්ෂේත්‍රයේ සිහිනයක්ව පැවති දේශීයව සේලයින් නිපදවීම සැබෑවක් කරමින් රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව සහ පෞද්ගලික ආයතනයක් බද්ධ ව්‍යාපාරයක් ලෙස ඇරඹූ සේලයින් කර්මාන්තශාලාවේ නිෂ්පාදන සැප්තැම්බර් 1 දින සිට රාජ්‍ය අංශයට මිලදී ගැනීමට ඊයේ රාත්‍රී පැවති කැබිනට් රැස්වීමේදී අනුමැතිය හිමි වී ඇත.

ඖෂධ නිෂ්පාදන, සැපයුම් සහ නියාමන රාජ්‍ය අමාත්‍යාංශය, සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රාදේවී වන්නිආරච්චි මගින් ඉදිරිපත් කර තිබූ කැබිනට් පත්‍රිකාව අනුව සාමාන්‍ය සේලයින්, ඩෙක්ස්ට්‍රෝස් ද්‍රාවණ, හාට්මාන් ද්‍රාවණ, මැනිටෝල් ද්‍රාවණ ඇතුළු ශිරා මගින් ඇතුළු කරන මූලික නික්ෂේපන ද්‍රාවණ සියල්ල කුණ්ඩසාලේ පිහිටා ඇති නවීන කර්මාන්තශාලාවක නිෂ්පාදනය වන අතර රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථා (SPMC) ලාංජනය යටතේ රෝහල්වලට සැපයෙනු ඇත.

සේලයින් ඇතුළු මූලික නික්ෂේපන ද්‍රාවණ මිලදී ගැනීමට පමණක් දිනකට රජය රුපියල් ලක්ෂ 50ක් වැය කරන බවත්, මෙතෙක් කල් එම මුදල ඩොලර් ලෙස විදේශයන් වෙත ඇදී ගිය බවත් සැප්තැම්බර් මස 1 සිට ඒ මුදල රට තුළ ම ඉතිරි වන බවත් ඖෂධ නිෂ්පාදන, සැපයුම් සහ නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පැවසීය.

මේ තුළින් වාර්ෂිකව ඇ.ඩො. මිලියන 5ක පමණ ශුද්ධ ඉතිරියක් ළඟාකර ගැනීමට ශ්‍රී ලංකාවට හැකි වන බවත් අතිරික්ත සේලයින් බෝතල් මිලියන 25ක් පමණ අපනයනය කිරීමට සැලසුම් කර ඇති බවත් ඔහු පැවසීය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ මග පෙන්වීම යටතේ ‘අලුත් රටට – අලුත් බෙහෙත්’ වැඩසටහන යටතේ සේලයින් නිෂ්පාදන කර්මාන්තශාලාවේ කටයුතු කඩිනමින් අවසන් කිරීමට හැකි වූ බව ද රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

Related posts

ශ්‍රී ලාංකිකයින් 13 දෙනෙකු, මියන්මාරයේ සයිබර් අපරාධ කඳවුරුවල රඳවාගෙන

Editor O

කොවිඩ් – 19 අරමුදලේ ශේෂය රුපියල් මිලියන 1128 ක් දක්වා ඉහළට

Mohamed Dilsad

නව ආසාදිතයන් 16න් 9ක් නාවික හමුදා සාමාජිකයන්

Mohamed Dilsad

Leave a Comment