දේශීය

ඩෙල්ටා ප්‍රභේදය පැතිර යාම ගැන සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි

(UTV | කොළඹ) – ඩෙල්ටා ප්‍රභේදය සමඟ තවත් කොවිඩ් රැල්ලක් ඇතිවුවහොත් එය ඉතා බරපතල තත්ත්වයක් උදාකරනු ඇති බව ජාතික බෝවන රෝග විද්‍යායතනයේ විශේෂඥ වෛද්‍ය ආනනන්ද විජේවික්‍රම පවසනවා.

එසේම, කොවිඩ් ආසාදනය වීමෙන් පසු දරුවන්ට වැළඳෙන බරපතල රෝගී තත්ත්වයක් පිළිබඳව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහල ඊයේ අනාවරණයක් සිදු කළා.

එම රෝහලේ දැඩි සත්කාර ඒකකය භාරව කටයුතු කරන විශේෂඥ වෛද්‍ය නලින් කිතුල්වත්ත සඳහන් කළේ එම රෝගී තත්ත්වය ආසාදනය වූ දරුවන් 34 දෙනෙකු මේ වනවිට වාර්තා වී ඇති බවයි.

එමෙන්ම, මෙම රෝගී තත්ත්වය පිළිබඳව ‍මවුපියන් දැඩි අවධානයෙන් පසු විය යුතු බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ජී.විජේසූරිය පෙන්වා දුන්නා.

Related posts

ගව ඝාතනය තහනම් කිරීමට අදාළ පනත් සංශෝධනයට අනුමැතිය

Mohamed Dilsad

හිටපු ඇමති කෙහෙළියගේ සහ පවුලේ අයගේ බැංකු ගිණුම් ඇතුළු වත්කම් තහනම තවදුරටත්

Editor O

බන්ධනාගාර රෝහල්වල වෛද්‍යවරු ගැන විශේෂ විමර්ශනයක් කරන්න

Editor O

Leave a Comment