දේශීය

මොඩාර්නා එන්නත් මාත්‍රා ලක්ෂ 15ක් දිවයිනට

(UTV | කොළඹ) – අමෙරිකාවේ නිෂ්පාදනයක් වන මොඩාර්නා එන්නත් මාත්‍රා ලක්ෂ 15ක් අද කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත රැගෙනවිත් තිබේ.

කටාර් ගුවන් සේවයේ ගුවන් යානයකින් එම එන්නත් මාත්‍රා තොගය රැගෙන ආ බව කටුනායක ගුවන්තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය.

මෙම එන්නත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ “කොවැක්ස් ” පහසුකම යටතේ අමෙරිකා එක්සත් ජනපදය විසින් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කර තිබේ.

ඒ අනුව මොඩර්නා එන්නත් මාත්‍රා ශ්‍රී ලංකාවට රැගෙන ආ පළමු අවස්ථාව මෙය වෙයි.

Related posts

රාජ්‍ය දේපල මැතිවරණ ප්‍රචාරක කටයුතු වලට යොදා ගන්නා බවට පැමිණිල්ලක්

Mohamed Dilsad

42 වන කොරෝනා මරණය

Mohamed Dilsad

ශ්‍රී ලංකන් ගුවන් සේවකයින් අතරත් කොරෝනා භියක්

Mohamed Dilsad

Leave a Comment