දේශීය

අගෝස්තු සිට නොදිරන ලන්ච්ෂීට් තහනම්

(UTV | කොළඹ) – අගෝස්තු මස පළමුවනදා සිට පොලිතින් වලින් නිෂ්පාදනය කරනු ලබන නොදිරන ලන්ච් ෂීට් භාවිතය තහනම් කෙරෙන බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර ප්‍රකාශ කළා.

එසේම, ඒවා නිෂ්පාදනය හා බෙදා හැරීම ද තහනම් කෙරෙනු ඇති.

ඊට අමතරව, වහාම භාවිතයෙන් ඉවත් කිරීම සඳහා තවත් පොලිතින් හා ප්ලාස්ටික් වලින් නිෂ්පාදිත වර්ග 8ක් තහනම් කිරීමේ ලැයිස්තුවක් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට අදාළ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවට ද අද දිනයේ අත්සන් තබන බවයි අමාත්‍යවරයා තවදුරටත් කියා සිටියේ.

ඒ අනුව, වරක් භාවිත කරන බීමබට හා කලතන, තනි භාවිත ප්ලාස්ටික් වලින් නිෂ්පාදිත හැදි, ගෑරුප්පු, යෝගට් හැදි සහ පිහි මෙන්ම, නියමිත පරිමාවට අඩු සිලිසිලි බෑග්, ප්ලාස්ටික් ඉදිආප්ප වට්ටි, පොලිතින් යොදා ඇසුරුම් කරන සුවඳකූරු හා පහන්තිර ඇසුරුම්, ප්ලාස්ටික් මල්මාලා සහ ප්ලාස්ටික් කෝප්ප ද එම තහනම් කෙරෙන ලැයිස්තුවට ඇතුළත්.

Related posts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 70 වන සංවත්සරය අදයි

Mohamed Dilsad

සපුගස්කන්ද යළි වැසීයෑමේ දැඩි අවදානමක්..

Mohamed Dilsad

තවත් ආසාදිතයන් 7 දෙනෙක් පූර්ණ සුව අතට

Mohamed Dilsad

Leave a Comment