දේශීය

ඊයේ වැඩි ම ආසාදිතයින් කළුතරෙන්

(UTV | කොළඹ) – ඊයේ (ජූලි 7) දිනය තුළ මෙරටින් කොරෝනා ආසාදිතයින් 1,243 දෙනෙකු හඳුනා ගෙන තිබේ.

ඉන් 14 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණ නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයන් වේ.

මෙරටින් හඳුනාගත් ආසාදිතයින් අතරින් වැඩි ම ආසාදිතයින් ගණනක් වාර්තා වී ඇත්තේ කළුතර දිස්ත්‍රික්කයෙනි. එම සංඛ්‍යාව 223කි.

තව ද කෙළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 183 දෙනෙකු සහ ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 168 දෙනෙකු හඳුනාගෙන ඇත.

දිවයිනේ අනෙකුත් දිස්ත්‍රික්කවල ආසාදිතයන් වාර්තා වූ ආකාරය ප්‍රදේශ ද සමග පහත දැක්වේ.

මේ අතර, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (ජූලි 7) කොවිඩ් මරණ 38ක් සිදු වූ බවට තහවුරු කර තිබේ.

ඒ අනුව, මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 3,351ක් දක්වා ඉහළ ගොස් ඇත.

Related posts

NMRA : එපික් ලංකා දත්ත ක්‍රියාකරු ඇප මත මුදා හැරේ

Mohamed Dilsad

මැතිවරණය ගැන ජනතා උනන්දුව අවමයි – පැෆරල් සංවිධානය

Editor O

කොළඹ වාරයේ බටහිර පර්යන්තය අදානි සමාගම සමඟ එක්ව සංවර්ධනය කිරීමට අනුමැතිය

Mohamed Dilsad

Leave a Comment