ක්‍රීඩා

යුරෝපා කුසලාන පාපන්දු ශූරතාවලියේ අවසන් මහ තරගයට ඉතාලිය සුදුසුකම් ලබයි

යුරෝපා කුසලාන පාපන්දු ශූරතාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට ඉතාලිය සමත් වුණා. ඒ, ස්පාඤ්ඤය සමඟ එංගලන්තයේ වෙම්බ්ලි ක්‍රීඩාංගණයේදී පැවති අවසන් පූර්ව තරගයෙන් ජයගැනීමත් සමඟයි.

ස්පාඤ්ඤය සහ ඉතාලිය අතර පැවති අවසන් පූර්ව තරගයේදී එකට එකක් ලෙස තරගය සමවීමෙන් අනතුරුව දඬුවම් පහර පහ බැගින් කණ්ඩායම් දෙකටම හිමිවුණා.

ඒ අනුව එය හතරට දෙකක් ලෙස ජයගැනීමට ඉතාලිය සමත්වීමත් සමඟයි ලබන 11 වනදා පැවැත්වෙන යුරෝපා පාපන්දු කුසලාන ශූරතාවලියේ අවසන් මහ තරගයට ඔවුන් සුදුසුකම් ලැබුවේ.

එංගලන්තය සහ ඩෙන්මාර්කය අතර අවසන් පූර්ව තරගය අද පැවැත්වෙන අතර, ඉන් ජයග්‍රහණය කරන කණ්ඩායම සමඟ ඉතාලිය අවසන් මහා තරඟයට මුහුණ දෙනු ඇති.

Related posts

ටෙස්ට් තරගයකදී ඉන්දීය කණ්ඩායමක් රැස් කළ අඩුම ලකුණු සංඛ්‍යාව වාර්තා කරයි

Mohamed Dilsad

වැඩිම වටිනාකමට අලෙවි වූ ක්‍රීඩකයා ඔස්ට්‍රේලියාවෙන්

Mohamed Dilsad

ජස්ප්‍රිත් බුම්රා නව ලෝක වාර්තාවක් තබයි

Mohamed Dilsad

Leave a Comment