දේශීයව්‍යාපාරික

සහතික මිලක් යටතේ වී මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය

(UTV | කොළඹ) – සහතික මිලක් යටතේ ගොවීන්ගෙන් වී මිලදී ගැනීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා. ඒ අනුව නාඩු වී කිලෝවක් රුපියල් 50 ක් බැගින්ද, සම්බා වී කිලෝවක් රුපියල් 52 ක් බැගින්ද, කීරි සම්බා කිලෝවක් රුපියල් 55 ක් බැගින්ද මිලදී ගැනීමටයි නියමිතව ඇත්තේ.

මෙවර යළ කන්නයේ වී මෙටි්‍රක් ටොන් ලක්ෂ 15 ක පමණ අස්වැන්නක් ලැබිය හැකි බවට ඇස්තමේන්තු කර ඇති බවද කෘෂිකර්ම අමාත්‍යවරයා කැබිනට් මණ්ඩලය දැනුවත් කර තිබෙනවා.

ඒ අනුව අදාළ වී තොගවලින් සැළකිය යුතු ප්‍රමාණයක් වී අලෙවි මණ්ඩලය විසින් මිලදී ගැනීමටයි සැළසුම් කර ඇත්තේ.

Related posts

මන්නාරම තැබෑරුම් බලපත්‍රය අත්හිටවූ සුරාබදු කොමසාරිස්ගේ නියෝගයට අධිකරණයෙන් වාරණයක්

Editor O

මිනුවන්ගොඩ ආයතනයේ සේවකයන්ට රජයෙන් විශේෂ දැනුම් දීමක් [RELEASE]

Mohamed Dilsad

සකර්බර්ග් ගේ Threads වේගයෙන් ඉහළට

Mohamed Dilsad

Leave a Comment