ක්‍රීඩා

ශකීබ් ඇතුළු විදෙස් ක්‍රීඩකයින් පිරිසක් LPL සඳහා ලියාපදිංචි වෙයි

(UTV | කොළඹ) – ලංකා ප්‍රීමියර් ලීග් තරඟාවලිය (LPL) සඳහා බංග්ලාදේශ කණ්ඩායමේ සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක ශකීබ් අල් හසන්, ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ බෙන් කටින් සහ ජේම්ස් ෆොල්ක්නර් මෙන්ම දකුණු අප්‍රිකානු විස්සයි විස්ස සහ එක්දින නායක ටෙම්බා බවුමා ලියාපදිංචි වී තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ ඊට අමතරව මිචෙල් මැක්ලෙනගන්, නිකොලස් පූරන්, මොහොමඩ් මහමදුල්ලා, රවී රම්පෝල්, කැලම් ෆර්ගසන් ඇතුළු විදේශීය ක්‍රීඩකයින් කිහිප දෙනෙකුද මේ වනවිට ලියාපදිංචි වී ඇති බවයි.

ලබන ජූලි මස 30 සිට අගෝස්තු 22 දක්වා පැවැත්වෙන ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියට පෙර පරිදිම කණ්ඩායම් පහක් සහභාගි කරගැනීමට නියමිතයි.

Related posts

සිය තතුරෙන් ඉවත්වන බව අසන්ත ද මෙල් ප්‍රකාශ කරයි

Mohamed Dilsad

IPL අවසන් සටනේ රනින් කැටයම් කළ කුසලානය කාට ද

Mohamed Dilsad

ශ්‍රී ලංකා 20-20 සංචිතයට දසුන් ශානක කැඳවයි…?

Editor O

Leave a Comment