ක්‍රීඩා

ටෝකියෝ ඔලිම්පික් උළෙලට දෛනිකව 18,000 ක පෞද්ගලික ආරක්ෂක බලඇණියක්

(UTV | ටෝකියෝ ) – බ්‍රිතාන්‍යයේ ටෙනිස් ශුර ඇන්ඩි මරේ ටෝකියෝ ඔලිම්පික් උළෙලට සුදුසුකම් ලබයි.

34 හැවිරිදි ඔහු එරට ඔලිම්පික් කණ්ඩායමට ඇතුළත් කර තිබේ. ඇන්ඩි මරේ දෙවරක් ඔලිම්පික් ශුරතාව දිනා ගැනීමට සමත් විය. ඒ 2012 ලන්ඩන් සහ 2016 රියෝ ඔලිම්පික් උළෙල වලදීය. මෙවර ඔලිම්පික් උළෙලට බ්‍රිතාන්‍යයෙන් දහසකට ආසන්න පිරිසක් එක්වෙති. ඔවුන්ට අවම වශයෙන් කොවිඩ් එන්නතේ පලමු මාත්‍රාව හෝ ලබාදීම අරමුණ බව බ්‍රිතාන්‍ය ඔලිම්පික් කමිටු සභාපති ඇන්ඩි අන්යන් මහතා පවසයි.

මේ අතර ටෝකියෝ ඔලිම්පික් ගම්මානයට පැමිණෙන සියලු දෙනාට කොවිඩ් එන්නත ලබාගත යුතු බවට ජපාන බලධාරින් පසුගියදා නිවේදනය කළේය. මේ අතර ජාතික ඔලිම්පික් කමිටු සභාපති තෝමස් බක් මහතා ලබන මස 09 වැනිදා ජපානයට පැමිණෙනු ඇත. ඔලිම්පික් උළෙල ආරම්භවීමට නියමිතව ඇත්තේ ලබන මස 23 වැනිදාය. බක් මහතා ටෝකියෝ ඔලිම්පික් උළෙලේ සංවිධාන කටයුතු නිරීක්ෂණය කිරීමට ද නියමිතයි.

මේ අතර ටෝකියෝ ඔලිම්පික් උළෙල සදහා දෛනිකව 18000 ක පෞද්ගලික ආරක්ෂක බලඇණියක් යෙදවීමට සංවිධායකවරුන් තීරණය කර තිබේ.

Related posts

වසර 10 කට පසු ශ‍්‍රී ලංකා පාකිස්තාන ක්‍රිකට් සංචාරයේ පළමු පියවර අදයි

Mohamed Dilsad

කොරෝනා මර්දනයට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් කෝටි 51ක්

Mohamed Dilsad

අකිලට යළි සංචිතයට එක්වීමට වරම්

Mohamed Dilsad

Leave a Comment