දේශීය

නිරෝධායන නීති නොපිළිපැදි 300 කට අධික පිරිසක් අත්අඩංගුවට

(UTV | කොළඹ) – නිරෝධායන නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ඊයේ (25) දිනයේ පුද්ගලයන් 323 ක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කළා.

මෙම පිරිස අතරින් වැඩි දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත්තේ මුහුණු ආවරණ නොපැළඳ සිටීම සහ දුරස්ථභාවය පවත්වා නොගැනීම යන වැරදි යටතේයි.

ඒ අනුව මේ දක්වා නිරෝධායන නීති උල්ලංඝනය කිරීම හේතුවෙන් අත්අඩංගුවට ගෙන ඇති පිරිස 43,855 ක් පමණ වන බවයි වාර්තා වන්නේ.

Related posts

සුදුසුකම් ලැබූ සියලු උපාධිධාරීන්ට පත්වීම් ලිපි තැපැල් කර අවසන්

Mohamed Dilsad

“COVID-19 සෞඛ්‍ය හා සමාජ සංරක්ෂණ අරමුදලට” වගකීම් රැසක්

Mohamed Dilsad

විදුලිය කැපෙන වේලාවන් මෙන්න

Mohamed Dilsad

Leave a Comment