දේශීය

ශ්‍රේෂ්ඨාධිකරණයට නව විනිසුරුවරයෙක්

(UTV | කොළඹ) – අභියාචනාධිකරණයේ සභාපති, විනිසුරු අර්ජුන ඔබේසේකර මහතා අද (14) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙක් ලෙස දිවුරුම් දුන්නේය.

අභියාචනාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා අභියාචනාධිකරණයේ නව සභාපතිවරයා ලෙස සහ මහාධිකරණයේ හිටපු විනිසුරු ශෂී මහේන්ද්‍ර මහතා අභියාචනාධිකරණ විනිසුරුවරයෙක් ලෙස ද ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දී තිබේ.

ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා ද මේ අවස්ථාවට එක්ව සිටියේය.

Related posts

නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභා රැස්වීමක්

Mohamed Dilsad

අත්තනගලු ඔය පිටාර ගලයි ; ගම්පහ නගරයට මහා ගංවතුර අවධානමක්…;! වහාම ඉවත් වෙන්න….

Editor O

විදුලි ගාස්තු සංශෝධනය සියයට 3යි -PUCSL

Mohamed Dilsad

Leave a Comment