දේශීයව්‍යාපාරික

බේකරි නිෂ්පාදනවල මිල ඉහළ යාමේ ඉඟියක්

(UTV | කොළඹ) – ඉන්ධන මිල ඉහළ යාම හේතුවෙන් සියලු බේකරි නිෂ්පාදන මිල ද ඉහළ දැමීමට සිදුවන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසනවා.

අද (12) පැවැති මාධ්‍ය හමුවක් අමතමින් එම සංගමයේ සභාපති එන්. කේ. ජයවර්ධන මහතා පැවසුවේ, මේ වන විටත් ඇතැම් බේකරි හිමියන් සිය නිෂ්පාදනවල මිල ඉහළ නංවා ඇති බවයි.

ඉන්ධන මිල මෙන්ම බේකරි නිෂ්පාදනයට අවශ්‍ය සෙසු අමුද්‍රව්‍යවල මිලද මේ වන විට ඉහළ ගොස් ඇති බවට පෙන්වා දෙන ජයවර්ධන මහතා පැවසුවේ තිරිඟු පිටි මිලද ඉදිරියේ දී ඉහළ යනු ඇති බවයි.

Related posts

මැතිවරණයට අදාළව අගමැතිගෙන් නිවේදනයක් [PRESS RELEASE]

Mohamed Dilsad

රටේ අභ්‍යන්තර ගැටලු විසඳීමට බාහිර යාන්ත්‍රණයක කිසිඳු අවශ්‍යතාවයක් නැහැ

Mohamed Dilsad

ශ්‍රී ලංකාව තුළ ආයෝජන අවස්ථා සඳහා බහරේනයට නිල වශයෙන් සහයෝගය ලබා දීමට රජය සූදානම්

Mohamed Dilsad

Leave a Comment