දේශීය

සංචරණ සීමා ජුනි 21 දක්වා දීර්ඝ කෙරේ

(UTV| කොළඹ) – දිවයිනටම බලපැවැත්වෙන පරිදි මේවන විට ක්‍රියාත්මක සංචරණ සීමා මේ මස 21 වනදා තෙක් දීර්ඝ කිරීමට තීරණය කර ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කරයි.   

ඒ අනුව එම සංචරණ සීමා මේ මස 21 වනදා අලුයම 04 දක්වා බලපැවැත්වෙනු ඇත.

යුද හමුදාපතිවරයා ඊයේ සඳහන් කළේ මේ වන විට ක්‍රියාත්මක සංචරණ සීමා එළැඹෙන සඳුදා 4ට ලිහිල් කරන බවයි.

කෙසේ වෙතත් එම තීරණය වෙනස් කරමින් මෙසේ නැවතත් එළැඹෙන 21 දා තෙක් සතියකින් සංචරණ සීමා දීර්ඝ කර තිබේ.

Related posts

ජනවාරියේ සිට නව දේශපාලන පක්ෂ ලියාපදිංචිය යළි අරඹයි

Mohamed Dilsad

මෙරටට ගෙන්වන කොවිඩ් එන්නත ගැන රජයෙන් සහතිකයක්

Mohamed Dilsad

මංගල රෑ අවසන් ගමන් ගිය ආදරවන්තයෝ

Mohamed Dilsad

Leave a Comment