දේශීය

විපක්ෂ නායකවරයා සහ බිරිඳ රෝහලෙන් නික්මෙයි

(UTV| කොළඹ) – කොරෝනා වැළඳීම හේතුවෙන් රෝහල් ගතව සිටි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ ඔහුගේ බිරිඳ වන ජලනි ප්‍රේමදාස පූර්ණ සුවය ලැබීමෙන් පසු අද (11) රෝහලෙන් පිටව ගොස් ඇත.  

පසුගිය මස 23 වනදා ඔවුන්ට කොරෝනා වැළඳී ඇති බවට තහවුරු විය.

මොවුන් ප්‍රතිකාර සඳහා ඇතුළත් කෙරුණේ කොළඹ පිහිටි පෞද්ගලික රෝහලකටයි.

සුවවීමෙන් අනතුරුව රෝහලෙන් නික්මුණු විපක්ෂ නායකවරයා සහ ඔහුගේ බිරිඳ ආශිර්වාද ලබාගැනීම සඳහා අද උදෑසන ගංඟාරාම විහාරස්ථානය වෙත පැමිණියේය.

Related posts

රාජ්‍ය සේවයේ පුරප්පාඩු පිරවීමට කැබිනට් අනුමැතිය

Editor O

කන්න තුනකට පසු ගොවීන් ට අද සිට මඩ පොහොර

Mohamed Dilsad

දරු දෙදෙනා සමග මවක් ළිඳට පනී

Mohamed Dilsad

Leave a Comment