ගොසිප්

තරුණගාය තියෙන නාමල් රාජපක්ෂ අගමැතිකමට වඩාත් සුදුසුයි

(UTV| කොළඹ) – අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා අගමැතිකමට සුදුසු බව රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත පවසයි.   

ඔහු මේ බව කියා සිටියේ අද (10) පැවති මාධ්‍ය සකච්ඡාවකට සහභාගී වෙමින්.

ඉතිහාසයේ සිටම රාජපක්ෂවරුන් යනු සියල්ලන්ටම උදව් කළ පිරිසක් බවත් සජිත් ප්‍රේමදාස මහතාට මෙන්ම රනිල් වික්‍රමසිංහ මහතාටත් රාජපක්ෂවරුන් උදව් කර ඇති බවත් අමාත්‍යවරයා පවසයි.

ශක්තිමත් අග්‍රාමාත්‍යවරයෙක් සහ ජනාධිපතිවරයෙක් සිටින අතර නාමල් රාජපක්ෂ මහතාද අනාගතයේදී අග්‍රාමාත්‍ය ධූරය දැරීමට සුදුසු බව ඒ මහතා පෙන්වා දෙයි.

“අපිට තුනෙන් දෙකක බලයක් තියෙනවා. ඒ බලය දැනටත් අපි ක්‍රියාත් මක කරනවා. රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවට ආවත් නාවත් අපිට ගැටළුවක් නෑ. නාමල් රාජපක්ෂ මැතිතුමා අගමැතිකමට සුදුසුයි. මොකද එතුමා තරුණගාය තියෙන, පරිණත දේශපාලන ශක්තියක් තියෙන පුද්ගලයෙක්.” යැයි ඒ මහතා පවසයි.

Related posts

කොරෝනා එනවා කියලා කලින් දන්නවා….ඒත් කියන්න බය හිතුණා

Mohamed Dilsad

“රාජපක්ෂලට බණින කටවල් වලට හෙන හත ගහන්න ඕන යකෝ”

Mohamed Dilsad

කොරෝනා භියක් නිසා මුහුදු සීමාවේ ආරක්‍ෂාව තර කෙරේ

Mohamed Dilsad

Leave a Comment