විදෙස්

මෙල්බර්න් සංචරණ සීමා හෙට මධ්‍යම රාත්‍රියේ සිට ලිහිල් කෙරේ

(UTV |  ඕස්‍ට්‍රේලියාව) – ඕස්‍ට්‍රේලියාවේ මෙල්බන් නාගරික කලාපය සඳහා පණවා තිබූ සංචරණ සීමා හෙට (10) මධ්‍යම රාත්‍රියේ සිට ලිහිල් කිරීමට තීරණය කර ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.   

මේ අනුව අත්‍යවශ්‍ය කරුණු 05 කට පමණක් නිවාසවලින් පිටතට යාමට පැවති බාධකය හෙට මධ්‍යම රාත්‍රියේ සිට ඉවත් වෙයි.

කෙසේවෙතත් පැවති සීමා කිහිපයක් තවදුරටත් ක්‍රියාත්මක වන අතර ඒවා ලිහිල් කර තිබීම විශේෂත්වයක්.

සිකුරාදා සිට පාසල් විවෘත කර අධ්‍යාපන කටයුතු පවත්වාගෙන යා හැකියි.

එමෙන්ම සමාජ දුරස්ථභාවය නිසි ලෙස පවත්වා ගත හැකි නම් හෙට මධ්‍යම රාත්‍රියේ සිට එළිමහන් ස්ථානවල මුහුණු ආවරණ පැළඳීමද අනිවාර්ය නොවන නමුත් සියලුම ගෘහස්ථ ස්ථානවල තවදුරටත් මුව ආවරණ පැළඳීම අනිවාර්ය වේ.

Related posts

ජපාන ණය ගිවිසුම් සංශෝධනයට කැබිනට් අනුමැතිය

Editor O

ඉරාන ජනධිපතිගෙන් ඇමරිකාවට ප්‍රකාශයක්

Mohamed Dilsad

කුඩා දරුවන්ට ස්මාර්ට් ජංගම දුරකථන දෙන්නේ බලාගෙන

Mohamed Dilsad

Leave a Comment