ප්‍රමුඛ පුවත 1

අගමැති හෙට චීනයට

(උදයම්,කොළඹ) –  අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය හෙට(13)  දිනයේ පිටත්ව යෑමට නියමිතය.

ඒ චීනයේ බෙයිජිං නුවර පැවැත්වෙන  “එකම තීරයක්-එකම මාවතක්” මහා සමුළුව සඳහා සහභාගීවීමටය.

මෙම සමුළුව සඳහා රටවල් 30 ක් නියෝජනය කරමින් නායක නායිකාවෝ සහභාගී වෙති.

චීන ජනාධිපති ෂී ජින් පිං මහතාගේ සංකල්පයක් අනුව ඇරඹුණු ‘තීරයක් සහ මාවතක්’ ප්‍රයත්නය ඔස්සේ සාමූහික වශයෙන් රටවල් වෙත ලබා ගත හැකි ප්‍රතිලාභ සම්බන්ධව මෙහිදී වැඩි අවධානයක් යොමු කෙරෙනු ඇත.

විශේෂ කාර්ය භාර අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම, නගර සැලසුම් සහ ජල සම්පාදන අමාත්‍ය රවුෆ් හකීම්, නීතිය හා සාමය සහ දක්‍ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක, සංවර්ධන උපාය මාර්ග සහ ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම, අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක, අතිරේක ලේකම් සමන් අතාවුදහෙට්ටි, විදේශ කටයුතු අමාත්‍යංශයේ නැගෙනහිර ආසියානු සහ ශාන්තිකර කලාපීය අධ්‍යක්‍ෂ සාවිත්‍රි පානබොක්කේ, විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ වැඩබලන අධ්‍යක්‍ෂ ඩී. එම්. එස්. ද සිල්වා, අග්‍රාමාත්‍ය විශේෂ සහයිකා සැන්ඩ්‍රා පෙරේරා යන මහත්ම මහත්මීහු ද මේ සංචාරයට එක්වන බව අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කරයි.

Related posts

දඹුල්ල ප්‍රදේශයේ ගුරුවරයෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

විජේදාස රාජපක්ෂගේ සහය පොහොට්ටුවට

Mohamed Dilsad

ජනපතිගේ මානසික තත්ත්වය ගැන වාර්තාවක් ඉල්ලා ගොනුකළ පෙත්සම අධිකරණය නිශ්ප්‍රභකරයි

Mohamed Dilsad

Leave a Comment